වෘත්තීමය රාජ්‍ය සේවයේ බිඳවැටීම ගැන චන්ද්‍රිකා දැඩි කණස්සල්ලෙන්

වෘත්තීමය රාජ්‍ය සේවයේ බිඳවැටීම ගැන චන්ද්‍රිකා දැඩි කණස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ වෘත්තීමය රාජ්‍ය සේවය පිරිහීම, තෝරාගත් පුද්ගලයන්ට පමණක් යුක්තිය ඉටුකිරීම සහ දේශපාලනික අරමුණු මත පදනම් වූ පාලනය පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය කණස්සල්ල පළකර සිටියි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, pulseline.lk වෙබ් අඩවියේ පලකර තිබු Vox Civis විසින් රචිත Power, pretense, and the punishment of integrity ලිපියට සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව මෙහිදී ඇය විශේෂයෙන් සඳහන් කර ඇත.

එහිදී තමා සමන් ඒකනායකව පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ඇය සඳහන් කර ඇති අතර, යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බව අවධාරණය කර සිටියි.

එමෙන්ම, වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවටද හිටපු ජනාධිපතිනිය චෝදනා කරයි.

"වෘත්තීය මට්ටමේ, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකියි. දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොතිබුණද, ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු අතර රට පාලනය කිරීමේදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතුයි." ‍යනුවෙන් ඇය එහි සඳහන් කර තිබේ.

 ''අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය නැවත ගොඩනඟන්නේ කෙසේදැයි ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතුය''

pulseline.lk හි ප්‍රකාශයට පත් කරන ලද වොක්ස් සිවිස් විසින් රචිත “When Justice becomes Selective” යන ලිපිය ඇසුරෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඉංග්‍රීසි බසින් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්ථනය මෙසේ ය.

 ''pulseline.lk හි ප්‍රකාශයට පත් කරන ලද වොක්ස් සිවිස් විසින් රචිත “When Justice becomes Selective” යන විශිෂ්ට ලිපිය ඇසුරෙන් උපුටා ගැනීම් පළ කිරීමට මම තීරණය කළෙමි. මන්ද එය ශ්‍රී ලංකා රාජ්‍යයේ අත්තිවාරම් වලටම ගැඹුරින් බලපාන ගැටලුවක් සමඟ කටයුතු කරන බැවිනි.

මෙම වඩාත්ම කල්පනාකාරී සහ දක්ෂ ලෙස ලියා ඇති ලිපියේ අඩංගු අදහස් සමඟ මම පැකිලීමකින් තොරව එකඟ වෙමි. මම සමන් ඒකනායක හඳුනන අතර ඔහු සමඟ වැඩ කර ඇත්තෙමි. ඔහු ඉතා අවංක, ඉහළ වෘත්තීය රාජ්‍ය සේවකයෙකි.

වෘත්තීය, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයක් නොමැතිව රජයකට ක්‍රියා කළ නොහැක. දේශපාලන නායකයින්ට නොසැලෙන අඛණ්ඩතාවක් ඇති තාක් කල්, ඔවුන්ට දිගු වසර ගණනාවක පළපුරුද්දක් සහ වෘත්තීයභාවයක් තිබිය යුතු නැත. ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ දේශපාලන නායකයින් රට පාලනය කිරීම සඳහා වෘත්තීය රාජ්‍ය සේවයක් මත රඳා පවතී.

වත්මන් රජය අපගේ රාජ්‍ය සේවයේ ඉතිරිව ඇති දේ විසුරුවා හැර, දුර්වල සුදුසුකම් සහ අත්දැකීම් රහිත පක්ෂ සාමාජිකයින් සහ ආධාරකරුවන් සමඟ එය ප්‍රතිස්ථාපනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

“අරගලය” සිදු වූයේ ශ්‍රී ලංකාවේ ජනතාව, පාලනය කොතරම් භයානක තත්ත්වයකට ඇද වැටී ඇත්දැයි වටහා ගත් නිසාය - අපගේ පුරවැසියන් අතර දේශපාලන දැනුවත්භාවය ඉහළ මට්ටමක පවතී.

දශක දෙකක අයහපත් පාලනය නිසා ඇති වූ විනාශයෙන් අපේ රට පීඩාවට පත්ව සිටී. වර්තමාන පාලන ක්‍රමය වෙනස් නොකළහොත් එය සම්පූර්ණ අවුල් ජාලයකට ඇද වැටිය හැකිය. විසඳුම අපේ ජනතාව මත ඇති බවට වොක්ස් සිවිස් සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟ වෙමි - ඔවුන් ප්‍රශ්න කළ යුතුය, බරපතල ප්‍රතිවිපාක තේරුම් ගත යුතුය සහ අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය නැවත ගොඩනඟන්නේ කෙසේදැයි ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතුය.''

 

[වෙබ් අඩවියේ සටහන ] LINK
Power, pretense, and the punishment of integrity

https://pulseline.lk/sections/politics/power-pretense-and-the-punishment-of-integrity/?fbclid=IwY2xjawP41FFleHRuA2FlbQIxMABicmlkETFkUFNzNFRTenhQNEVhM00zc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHsrfDgE6Ty62sphw4qovevmFgxx96JiidmloA3pVI34SdsqjGoAqPKqn22oo_aem_6aC_Tmk1hQlOHa4p2cIKLg

 

Search