ජනාධිපති අනුර කුමාර දිසානායක නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡාවකට එළඹ තිබෙනවා.
ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිලි ගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබූවා.
මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.
මේ අතර වීෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) නුවරඑළියේදී පැවැත්වීමට නියමිත තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන ඇති බවය.
සියලු පාර්ශව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණ බව සඳහන්ය.
විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62දෙනෙකු ඇගයිමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතව තිබේ.