විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අද (13) කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසුණි.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් උන්වහන්සේ හමුවේ වත්මන් රජය විසින් බුදු දහමට සහ ගරුතර මහා සංඝරත්නයට සිදු කරන අපහාස සම්බන්ධයෙන් ද ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ මතවාද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද පෙන්වා දෙන ලදී.
අනතුරුව විපක්ෂ නායකවරයා උන්වහන්සේ ගෙන් තමන් ගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේ ය.
