ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු මෙන්ම දෙවතාවක් ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා තරග වැදුණු ජෙසී ජැක්සන් (Rev. Jesse Jackson) අද ( 17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 84 වැනි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජෙසී ජැක්සන් 1960 දශකයේ සිට මාර්ටින් ලූතර් කිං (Martin Luther King Jr.) සමග එක්ව ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබුණා.
ඔහු 1984 සහ 1988 යන වසරවලදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වූ අතර, බරක් ඔබාමාට පෙර ඇමරිකානු ජනාධිපතිවරණයකදී දැවැන්ත ජනතා ආකර්ෂණයක් දිනාගත් පළමු කළු ජාතික දේශපාලනඥයා ලෙසද සැලකෙනවා.