ජනපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ජනපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර පැවැත්වෙන 'AI Impact 2026' සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී අගමැති මෝදි ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

එමෙන්ම ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින්, ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සෝටකිස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමගින්ද එම සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Search