අනතුර හෙළි කළ සලේ හිරේ.. ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම්ලා නිදහස්: විමල්

අනතුර හෙළි කළ සලේ හිරේ.. ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම්ලා නිදහස්: විමල්

මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ  ඊයේ (27) ප්‍රකාශ කළා.


බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණේ සලේ කුමක්ද කළේ යන තේමාව යටතේ.

යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. නායක තමිල් සෙල්වම් වැනි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සපයමින් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ නිලධාරියෙකු මෙසේ දඩයම් කිරීම හෙළා දකින බව හිටපු අමාත්‍යවරයා පැවසුවා.

මේජර් ජෙනරාල් සලේ යුද්ධයේදී කළ මෙහෙය සුවිශාල බවත්, එල්.ටී.ටී.ඊ. නායක තමිල්සෙල්වන් ඝාතනය කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඔහු බවත් වීරවංශ මහතා සඳහන් කළා.

බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ සතුරාගේ අභ්‍යන්තරයේ සිට බවත්, ඒ නිසා ඔවුන්ට විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට සිදු වන බවත් ඔහු පැහැදිලි කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු පිරිස අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානය සමඟ සම්බන්ධ බවට ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේද සලේ  ඇතුළු කණ්ඩායම බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවා.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යහපාලන රජයේ ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේ සලේ  බවත්, එදා එම තොරතුරු නොසලකා හැර අද අනතුරු ඇඟවූ පුද්ගලයාම වැරදිකරු කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක බවයි ඔහු පෙන්වා දුන්නේ.

වත්මන් රජය උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් ජාතික ආරක්ෂාව බිංදුවට ඇද දමා ඇති බවට ඔහු චෝදනා කළා.



"අන්ත ප්‍රතිගාමී පාලකයෙකු පවා නිදහස් දින පෙළපාලියේදී රණවිරුවන් කළ සේවය ගැන කතා කිරීම තහනම් කළේ නැහැ. නමුත් අද රණවිරු කියන වචනය ඇහෙනකොට ජනාධිපතිවරයාගේ ඇඟ නළියනවා," යැයි වීරවංශ කියා සිටියා.


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ඊබ්‍රාහිම් වැනි පුද්ගලයන්ගේ දේපළ නිදහස් කරමින් ඔවුන් “සුද්ධ පවිත්‍ර” කරන අතරතුර, රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ සලේ වැනි නිලධාරීන් සිරගත කිරීම පිටුපස ඇති දේශපාලන න්‍යාය පත්‍රය ජනතාව තේරුම් ගත යුතු බව ඔහු කියා සිටියා.

සලේ  අත්අඩංගුවට ගැනීම තනිකරම දේශපාලන දඩයමක් බවත්, එය කොටි ඩයස්පෝරාව සතුටු කිරීමට ගත් පියවරක් බවත් වීරවංශ පැවසුවා.

ඊබ්‍රාහිම් වැනි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ දේපළ නිදහස් කරද්දී, රට බේරාගත් බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම නරුම පාවාදීමක් බව ඔහු අවධාරණය කළා. මෙම ක්‍රියාවලියේ අවසන් ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළා.

මේජර් ජෙනරාල් සලේ  නිදහස් කර ගන්නා තෙක් මෙම සටන අත්නොහරින බවත්, පරාජිත ත්‍රස්තවාදීන් සතුටු කරන මෙම පාහර ක්‍රියාවට එරෙහිව ජාතියම පෙළගැසිය යුතු බවත් විමල් වීරවංශ වැදුරටත් අවධාරණය කර සිටියා.

 

Search