මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එහි බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජි. එල් පීරිස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් හුවාදක්වමින් ජී. එල් පිරීස් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමුකරණ ලෙසෙටය.
ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම දේශීය වෙළෙඳපොළටද බලපානු ඇති බැවින් ඒ හරහා මෙරට ජීවන වියදම ඉහළ යන බවත්, දැනටමත් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින මෙරට ජනතාවගේ පීඩනය තවදුරටත් දැඩි වන බවත් ඔහු පෙන්වා දී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට තේ වැනි අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළට ප්‍රවේශ වීම අහිමි වී යා හැකි බවත් එමගින් අපනයන ආදායම පහත වැටීමේ අවදානමක් පවතින බවත් එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම පවතින ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය, උතුරු අමෙරිකාව සහ ගල්ෆ් කලාපයෙන් පැමිණීමට නියමිතව සිටි සංචාරකයින් විශාල වශයෙන් මේ වන විට, වෙන් කරවාගත් නවාතැන් පහසුකම් ද අවලංගු කරමින් සිටින වාතාවරණයක සංචාරක හෝටල් ක්ෂේත්‍රයට එයින් දැනටමත් බලපෑම එල්ල වී ඇති බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහතින්,
