ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි

ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්

පීට් හෙග්සෙත් පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මිට ස්වල්ප මොහොතකට පෙර පවසා ඇත.

"ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව," ඔහු එහිදී සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කර නොතිබිණ.

‘සබ්මැරින් ප්‍රහාරයක් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරනවා’- නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරින් ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය අද දහවල් වාර්තා  කර තිබිණ.

ඊයේ (මාර්තු 4) සවස පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුයේ, ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරින් ප්‍රහාරයක් බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවයි.

යාත්‍රාවේ සිටි සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නිවැරදි සංඛ්‍යාලේඛන දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් අනාවරණය කර ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ප්‍රශ්නය  ;
විදේශීය මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා මේ නාවික හමුදාව පැවසුවා කියලා මේ නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූ බවට?

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක :
ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන නාවික හමුදාව වශයෙන්.

අනතුර සිදුවූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට විශේෂඥ සහ තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් පැවසිය.

 

 

 
සබැඳි පුවත් :
දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු

මුලාශ්‍ර :

US submarine sank Iranian warship in Indian Ocean with torpedo, defence secretary says

US submarine sank Iranian warship off Sri Lanka’s coast, Hegseth says

Live updates: Iran delays public mourning for Khamenei and hits U.S. sites in the Gulf

Search