අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අපරාධයෙන් පසුව එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර, අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් අවුරුදු 39 හා 53 වයස්වල පසුවන ඉබ්බාගමුව හා මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා‍.

එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබාදෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්‍රවාහනය කර ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ බස් රථයද විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් පෙබරවාරි මස 13 වැනිදා සිදුවූ අදාළ ඝාතන සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් මේ වනවිට විමර්ශන සිදුකරන අතර, ඒ අනුව මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Search