බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව පෞද්ගලික බස් සංගම් කියයි

බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව පෞද්ගලික බස් සංගම් කියයි

ඉන්ධන මිල ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාම හමුවේ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අද (10) සිය සංගමයේ නියෝජිතයින් රැස්වී කොපමණ මුදලකින් ගාස්තු වැඩි කිරීමක් සිදුකන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.


මේ අතර ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළා.

ඔහු පැවසුවේ ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදුනොවන බවය.

මේ හේතුවෙන් පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා  වැඩිදුරටත් පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

Search