බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව විත්තිවාචක ඉදිරිපත් කිරිමට විත්තිකාර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විත්තිකරුවන් ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (13) නියෝග කළේය.
එම විත්තිකරුවන් නිදොස් නිදහස් කරමින් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
විත්තිකරුවන්ට විත්ති කූඩුවේ සිට ප්‍රකාශ සිදු කිරීමට සහ වෙනුවෙන් සාක්ෂි කැඳවීම ට එහිදී විත්තිකරුවන් ට අවසර ලබා දුන්නේ ය. මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.
එහිදී විවෘත අධිකරණය හමුවේ විත්තිකරුවන් අධිකාරියේ පෙනී සිටි අතර මෙම නඩුව ට අදාළව 2024/11/05 වැනි දින දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සභාපති විනිසුරුවරයා විසින් කියවා දෙන ලදි.
ඒ අනුව විත්තිකරුවන් ට සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත්,එසේ වූ විට හරස් ප්‍රශ්න ඇසීම සිදු කරන බවත් විත්තිකරුවන්ට දැනුම් දෙන ලදී. එසේ නොමැති නම් විත්තිකරුවන්ට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ හැකි බවත් එවිට හරස් ප්‍රශ්න ඉදිරිපත් කිරිමක් නොකරන බවත් විත්තිකරු වන්ට පහදා දෙන ලදි.
විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කරන බවත් සාක්ෂිකරුවන් කැදවීමට අපේක්ෂා කරන බවත් ඔවුන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළ හ.
තමන් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන සාක්ෂි කරුවෙකු මේ වන විට විදේශ ගතව සිටින බවද ඔහු මෙරටට ගෙන්වා ගැනීම ට උත්සහ කරන බවද එසේ කිරීමට නොහැකි වුවහොත් එරටේ සිට පරිගණක තාක්ෂණය ඔස්සේ ඔහුගේ සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ද විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබා දුන්නේ ය. අදාළ සාක්ෂි කරුවන් ගේ නම් ඇතුළත් සාක්ෂි ලැයිස්තු සතියක දී අධිකරණය ට ගොනු කරන ලෙස නියම කෙරිණි.

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.
එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු අතර පැමිණිලි දෙකේම සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදි.
2021 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශ ට පත් කළ එම මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපති වරයා විසින් මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුව ය.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ,කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් මෙම අභියාචන පෙත්සම් වල තීන්දුව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන 2024/11/05 දින අදාළ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපති වරයා ගොනුකළ අභියාචන පෙත්සම් දෙකක් පිළිගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළ බව සදහන් කළේ ය.
ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් නිදහස් නොකළ යුතු බව අධිකරණයේ මතය බවද , මහාධිකරණය විසින් විත්ති වාචක කැඳවිය යුතු ව තිබූ බව ද තීන්දුවෙහි සඳහන් විය.
එබැවින් විත්තිවාචක කැඳවීමෙන් තොරව 2022 පෙබරවාරි මාස 18 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියම කළ අතර එම මහාධිකරණ නඩුවට අදාළව විත්ති වාචක කැඳවීම ට කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.
ඒ අනුව එම නඩුව අද කැඳවන ලදි.
නීතීඥ චමින්ද අතුකෝරල විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි අතර නීතීඥ විදුර රණවක සමග නීතිඥ රොෂාන් දෙහිවල විත්තිකාර, වගඋත්තරකාර පූජිත ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් වන සුදර්ශන සිල්වා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර