විපක්ෂය මර්ධනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එල්ල කොටගෙන ඔහුට සෘජුවම පහර දීම බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.
Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලබන විශේෂ රැස්වීම් මාලාවේ පළමු අදියර ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන අද (14) උදෑසන පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මෙහිදී වර්තමානයේ රට මුහුණ දී තිබෙන තත්ත්වය සහ ආණ්ඩුව විසින් ප්‍රධාන දේශපාලන නායකයින් ඉලක්ක කොට ගෙන යනු ලබන මර්ධනකාරී වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පැවසුවා.
විශේෂයෙන්ම වර්තමාන රජය ඔවුන්ගේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ මැදිහත්වීමෙන් විපක්ෂය දුර්වල කිරීමේ ප්‍රධානම අරමුණක් ලෙස රනිල් වික්‍රමසිංහ එල්ල කොටගෙන සෘජුවම පහර ගසමින් සිටින බව සියල්ලම දන්නා කරුණක්.
ජාතික නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට වෙනුවෙන් කර ඇති සේවය ඇතැම් අයට අද අමතක වී තිබීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්.
“කර්මාන්ත උපාය මාර්ගික සැලැස්ම” එළිදැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාකරනු ලැබීය. බියගම සහ සීතාවක ආයෝජන කළාප ආරම්භ කිරීමට මුල් වූයේ රනිල් වික්‍රමසිංහ
සපුගස්කන්ද කර්මාන්ත කළාපය පටන් ගත්තා. බිංගිරිය ආයෝජන කළාපය ද ස්ථාපිත කරනු ලැබුවා.
කොග්ගල සහ පල්ලේකැළේ ආයෝජන කළාප ආරම්භ කිරීමට මුල් වූයේද රනිල් වික්‍රමසිංහ
හෝටල් සඳහා සහන ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරනු ලැබුවේ 1991 දී.
රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත “ඉන්ෆෝ ලංකා” ප්‍රදර්ශනය ආරම්භ කරන්න කටයුතු කළා.
දරුණු කඩාවැටීමකට ලක්ව අඩියටම කඩා වැටී වර්ෂ 2001 වන විට සෘණ අගයක් ගෙන තිබූ රටේ ජාතික ආර්ථිකය යළි ගොඩගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
වර්ෂ 2003 දී ටෝකියෝ ආධාර සමුළුව හරහා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි 45,000 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට ක්‍රියා කළේ රනිල් වික්‍රමසිංහ මහතා.
එවකට රට පුරා ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම අවසන් කර පැය 24 ම විදුලිය සැපයීම සහතික කරනු ලැබුවේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ රජය යටතේ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී (2017 -2018) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබුවා .
2022 – 2024 කාලයේදී ජනාධිපතිවරයා වශයෙන් එවැනිම ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළා.
සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ආධාර ලබා ගැනීමටද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැකියාව ලැබුණා.
විශේෂයෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවම උග්‍ර ආර්ථික සහ දේශපාලන අර්බුධයට මුහුණදුන් 2022 – 2024 වකවානුවේදී කැපී පෙනෙනම කාර්යභාරය ඉටුකරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා.
ඉන්ධන, ගෑස්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ජනතාව අතර එකිනෙකා පරයන තරඟයක් පවතිද්දී පෝලිම්වල මිනිස්සු මිය ගියා. මහ මග ගහමරා ගැනීම් සිදුවුණා.
ඉහත කාලපරිච්ඡේදය මෙරට ඉතිහාසයේ සනිටුහන් වන්නේ ජනතාවට හෙටක් ගැන සිතීමට අවස්ථාවන් නොතිබු අතිශය අඳුරු වකවානුව ලෙසයි.
ඒ අවස්ථාවේදී දේශපාලන නායකත්වය මෙන්ම රජයේ ප්‍රධානී ලෙසද රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘතහස්ත දැනුම, පළපුරුද්ද මනාව ප්‍රකට කෙරුණා.
රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා. අවිනිශ්චිත ජන ජීවිතය යථාතත්ත්වයට පත් කරනු ලැබුවා.
ඉන්දියන් සාගර සමුළු කිහිපයක්ම අමතමින් කළාපයේ අනාගත තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් මේ වනවිට ඉහළින්ම ඇගයීමට ලක්වෙමින් පවතිනවා.
රාජ්‍ය නායකයින් සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ තිබෙන සමීප දැන හැඳුනුම්කම් අමුතුවෙන් සඳහන් කළ යුතු වාසි සහගත තත්ත්වයක් නොවනු ඇත.
මෙවැනි සුවිශේෂි මෙහෙවරයන් බෙහෝමයක් රට වෙනුවෙන් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තවදුරටත් ප්‍රයෝජන නොගෙන ඔහුව සිරගත කිරීමට උත්සාහ දැරීමම වත්මන් පාලකයින්ගේ ප්‍රධානම දුර්වලකම ලෙස අපට සිතන්න පුළුවන්.
යනුවෙන්ද වජිර අබේවර්ධන මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම රැස්වීමට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්, පක්ෂ කළමණාකාරවරුන්, ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සම්න්ධ වී සිටි අතර අද(14) සහ හෙට(15) දින තුළ ගාල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි මෙම රැස්වීම් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.