ඉන්ධන ලබා ගැනීමට තවමත් පිරවුම්හල්වල දිගු පෝලීම්

ඉන්ධන ලබා ගැනීමට තවමත් පිරවුම්හල්වල දිගු පෝලීම්

ඉන්ධන ලබාගැනීම සඳහා QR කේතය භාවිත කිරීමේදී මතුවන දෝෂ හේතුවෙන් තවමත් ප්‍රදේශ රැසක ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

එමෙන්ම, අදත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණා.

එවැනි පසුබිමක, ඇණවුම් කළ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් තවදුරටත් වසා දමා ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉන්ධන සංචිත කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පසුගිය 15 වැනිදා QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කළේ.

මේ අතර QR කේතය මගින් ලබාදී ඇති ඉන්ධන කෝටාව සතියේ සෑම සෙනසුරාදා දිනකම මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත්, එය යළිත් ඉරිදා දිනයේ දී අලූත් වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

 

Search