රජයේ ඉන්ධන මිල සූත්‍රයට පාර්ලිමේන්තු මුදල් කමිටු සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක්

රජයේ ඉන්ධන මිල සූත්‍රයට පාර්ලිමේන්තු මුදල් කමිටු සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙවර තෙල් මිල වැඩි කිරීමේදී ආණ්ඩුව විසින් දැනට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය සහමුලින් විකෘති කර ඇතැයි සාධක සහිතව චෝදනා කරයි.


සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව ඉන්ධන මිල ගණනයේදී අසත්‍ය සංඛ්‍යා මත පදනම් වෙමින්ඉන්ධන මිල විශාල ලෙස
වැඩිකර ඇති බවයි.

මිල සූත්‍රය ගණනයේදී සිංගප්පූරු මිල මත පදනම්ව ශ්‍රී ලංකාවේ තෙල් මිල ගණන් සකස් කරන ලද බව රජය සඳහන් කරන වග පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා එසේවුවද සිංගප්පූරුවේ සැබෑ ඉන්ධන මිල ගණන් සඟවා වැඩි මිලක් පෙන්වමින් තෙල් මිල ඉහළ දැමූ බවට චෝදනා කරයි.

ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ සිංගප්පූරුවේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 130 ක් සහ ඩීසල් බැරලයක මිල ඩොලර් 180ක් බවය. එම මිල මත පදනම්ව ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය සකස් කර ඇති වග ආණ්ඩුව කියා තිබේ. නමුත් ආණ්ඩුව තෙල් මිලදී ගන්නේ ඊට වඩා සෑහෙන තරම් අඩු මිලට බව පවසන ආචාර්ය සිල්වා,  මිල ගණනයේදී සැබෑ ගොඩබෑමේ පිරිවැය විකෘති කර ඇතැයි චෝදනා කර සිටියි.

ඒ අතර රජය ප්‍රකාශ කරන්නේ මිල වැඩි කිරීමෙන් පසුවද ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20/= ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/=සහනාධාරයක් යක් ලබා දෙන බවයි. නමුත් රජය මිල ගණනයේදී පදනම් කරගත් තොරතුරු සත්‍ය නොවන බැවින් රජය කියන එම සහන මන:කල්පිත එකක් බවද මුදල් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් තමා වෙත ලැබුණු සැබෑ සංඛ්‍යා දත්තද ම මන්ත්‍රීවරයා විසින් සිය සටහනට යා කොට ඇත.

එම දත්ත පහත සඳහන්ය.
IMG 20260323 WA0000
c5y45

| lankalokaya

Search