රාජපක්ෂලාට වඩා රටේ සහ ලෝකයේ ඇති විශාල ප්‍රශ්න පිළිබඳ ආණ්ඩුව දැන්වත් අවධානය යොමු කළ යුතු බව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
යුද්ධය අවසන් කිරීමට තීරණය කළ අවස්ථාවේදීම එහි ප්‍රතිවිපාක පරම්පරා කිහිපයකට බලපාන බව තම පියා එදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා කීවේය.
එම නිසා කිසිදු ප්‍රතිචාරයකට භයවී පසුබැසීමක් හෝ පසුතැවීමක් තමන්ට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයා ඇමෙරිකානු යුද යානයක් ප්‍රතික්ෂේප කළේ නම් එය ප්‍රශස්ත තීරණයක් විය හැකි බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එම ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කරගැනීමට තවත් කෙටි කාලයක් බලා සිටිය යුතු බවද ඔහු කියා සිටියේය.
වරාය නගරය හා මත්තල ගුවන් තොටුපළ වැනි සංවර්ධන ව්‍යාපෘතිවලින් පල නෙලාගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුව කාලීන අවස්ථාවක් උදා වී ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)
theleader.lk