සිමෙන්ති මිලත් ඉහළට

සිමෙන්ති මිලත් ඉහළට

සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.

එම සමාගම් පෙන්වා දෙන්නේ රුපියල් 150ත් 175ත් අතර මිලකින් සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවය.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැලි, ගල්, යකඩ ඇතුළු සියලු භාණ්ඩවල මිල මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද ශ්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා පවසයි.

 

Search