ශ්‍රී ලංකාවට බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ආනයනය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පිළිගෙන ඇති අතර, ඒ වෙනුවෙන් වගකිව යුතු සැපයුම්කරුට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩ මුදලක් පනවා ඇති බව ද ඊයේ (26) ප්‍රකාශ කළේය.
ප්‍රසිද්ධ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් සිදුකළ රසායනාගාර පරීක්ෂණ මගින් ඒවා නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු වී ඇති බවයි. මේ හේතුවෙන් සැපයුම්කරුට මූල්‍ය දඩ පැනවීමට රජය කටයුතු කර ඇත.
ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ සිදුවන්නක් බවත්, රටේ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සැපයුම්කරු වෙනස් කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීමට මාස කිහිපයක් ගතවන බැවින්, පවතින තත්ත්වය හමුවේ ගත හැකි වූ කඩිනම් පියවර වූයේ දඩ පැනවීම පමණක් බව ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ, සැපයුම්කරුට පමණට වඩා දඩ පැනවුවහොත් එම ආයතනය බංකොලොත්භාවයට පත්වී රටේ ගල් අඟුරු සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් පවතින බවයි.
''අපි එපාමයි කිවුවා ඒත් ගණන් ගත්තේ නැහැ'' - නාමල් රාජපක්ෂ
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බවයි.
අවසානයේ ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනවිත් ඒ පීඩනය ජනතාව මත පැටවූ නාමල් රාජපක්ෂ කීය.
ඔහු එබව කියා සිටියේ මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා. ඒවා හරවලා යැව්වා. ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ. අහන්නෙම නෑ නේ යනුවෙන්ද ඔහු පැවසිය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තව දුරටත් මෙසේද පැවසිය.
''අපි ඉතාමත් ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කියලා. ඇහුවෙ නෑනෙ බාල ගල් අඟුරු ගෙනාවා. ඉතිං අපි කොච්චර ධනාත්මක යෝජනාවත් කරත් ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පීඩාව ජනතාව මත පැටෙව්වම මොනවා කරන්නද. අපි ධනාත්මක යෝජනාවක් තමයි කරේ බාල ගල් අඟුරු ගේන්න එපා කිව්වා පුනර්ජනනීය බලාගාර හරවල යැව්වේ ඇයි කියලා ඇහුවා .
අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා. ඒවා හරවලා යැව්වා ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ අහන්නෙම නෑ නේ. බාල ගල් අඟුරුම ගෙනාවා අපි ඕක කිව්වා කියලා ඒ පාඩුව දැන් රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා නම් ඒ පාඩුව ඒකෙන් පියවගන්නකෝ. අහිංසක දුප්පන් මිනිස්සුන්ගේ පිටට ඒ පාඩුවක් දාලා තෙල් මිලත් වැඩි කරනවා විදුලි බිලත් වැඩි කරනවා ඉතින් සාධාරණ නෑනේ ''