ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම:  කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග

 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ 2022 වසරේදී ලියාපංචි නොකළ සමාගමක් මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව

ඖෂධ ලබා ගැනීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවන ලෙස හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට ඊයේ (27) නියෝග කළේය.

එසේම රුපියල් මිලියන 50 බැගින් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසද එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජනක චන්ද්‍රගුප්ත ට ද,   ඖෂධ නියාමක අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය එස් ඩි ජයරත්න ටද, ඖෂධ නියාමන අධිකාරියේ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ටද, වෛද්‍ය සැපයුම් අංශයේ සහ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය අරඹේ ගෙදර සුජිත් සුදර්ශන ට ද වෙන් වෙන්ව නියම කෙරිණ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර සුදුසු පියවර ගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක් ද කරන ලදී.

වගඋත්තරකරුවන් අත්තනෝමතිකව කටයුතු කර ඇති අතර ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන්කර ඇති අරමුදල් අනිසි භාවිතයට ගෙන ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය

 අග විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, කුමුදුනි වික්‍රමසිංහ ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගයන් කරන ලදි.

 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෙවන් රයිට් පාමසූටිකල් සමාගම ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.

අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන විසින් නඩු ප්‍රකාශයට පත් කරන ලදි.


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ලියාපදිංචි නොකළ වග උත්තරකාර සමාගම මගින් ඖෂධ එන්නත් ඇතුළු උපකරණ,  ලබා ගැනීම මගින් වග උත්තරකරුවන් විසින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට  පෙත්සම මගින් චෝදනා කර තිබුණි. ඒ බවට තීන්දු කර ඒ වෙනුවෙන් අදාල වග උත්තරකරුවන්ගෙන් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම කාර ආයතන විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත

 

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යමින් ලියාපදිංචි නොමැති සමාගමකින් ඖෂධ මිලදී ගැනීමට වග උත්තරකරුවන් කටයුතු කර ඇති බව පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පැහැදිලි වන බව නඩු තීන්දුවෙහි දැක්වේ .  

ඒ සම්බන්ධයෙන් ස්වාධීනව සොයා බැලීමට ජාතික ඖෂධ නියාමක අධිකාරියට අදාළ නීතිමය ප්‍රතිපාදන මගින් බලය ලබා දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විමර්ශනයක් ජාතික ඖෂධ නියාම අධිකාරිය විසින් සිදු කර නොමැති බව ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පෙනී යන බව ට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

වගඋත්තරකාර සෞඛ්‍ය  අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා විසින් අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර අදාල අනුමැතියක් ලබාගෙන ඇති අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අදාල මාර්ගෝපදේශ මෙහිදී ඔවුන් අනුගමනය කර නොමැති බව ද එම තීන්දුව මගින් පෙන්වා දී ඇත.

මෙම සියලු ක්‍රියාවලියන් සිදුකර ඇත්තේ අදාළ වග උත්තර කරුවන්ගේ අනු දැනුම මත බවත් ඔවුන් මේ සියලු සිදුවීම් හොඳ කාරව දැන සිටි බව අධිකරණයේ මතය බවද එහි සඳහන් වේ.

 වග උත්තර කරුවන් ජනතාව විසින් ඔවුනට පවරා ඇති බලතල නොව ජනතා යහපතට යොදා නොමැති බව තමන්ට පැවරී ඇති සහ කාර්යභාරය නිසියාකාරයෙන් හදුනාගෙන නැති බව වග උත්තර කරුවන් ගේ ක්‍රියා කලාපයෙන්  පෙනී යන බව නඩු තීන්දුවෙහි සදහන් වේ.

ඒ අනුව මම සමස්ත ක්‍රියාවලිය තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීරණය කරන බවද තින්දුවේ වැඩිදුරටත් සඳහන්වේ .

ඒ අනුව වග උත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන ලෙස සැලකීම මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීන්දු කර ඒ වෙනුවට වන ඉන්න දි මුදල් ගෙවීමට නියම කරන බවද නඩු තීන්දුවෙහි දැක්වේ.

 පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතිඥ තුෂාරි ජයවර්ධන ගේ උපදෙස් පරිදි නීතිඥ සෙනානි දයාරත්න  පෙනී සිටියේය.

වග උත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් සිල්වා,  උදිත ඉගළ හේවා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙනී සිටියහ .

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් පෙනී සිටියේය.

| නෙල්කා මැදගෙදර
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Search