ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන තොග කළමනාකරණය කරමින් ධීවර ප්‍රජාව වෙත ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස පවසනවා.
ධීවර අමාත්‍යාංශය යටතේ බහුදින ධීවර යාත්‍රා 5,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඩීසල් භාවිත කරන එක්දින ධීවර යාත්‍රා 900 ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ලේකම්වරයා සඳහන් කළේ.
එක් බහුදින ධීවර යාත්‍රාවක් සඳහා වරකට ඩීසල් ලීටර් 8,000 ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, එම ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සපයන බවත් ඔහු ප්‍රකාශ කළා.
බහුදින ධීවර යාත්‍රා සඳහා පිටත්වීමේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් මුහුදු ගමන ආරම්භ කිරීමට පෙර මාර්ගගත (Online) ක්‍රමයට ඉදිරිපත් කළ යුතු අතර, ප්‍රදේශයේ ධීවර පරීක්ෂක නිලධාරියාගේ අනුමැතිය සහිතව අදාළ යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.