එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (02) විවෘත වරෙන්තු නිකුත් කළා.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල් වෙත යැවීමට අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහු අත් අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙස ආගමන හා විගමන පාලකවරයාට ද නියෝග කළා.