ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 11.41ක වැඩිවීමක් ලෙස සටහන් වේ.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලද ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, එය ද ඉහළ යාමක් ලෙස වාර්තා වේ.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

මෙම මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ, පසුගිය කාලයේදී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ආනයනය කර තිබීම හේතුවෙන්ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිපදවනු ලබන මෙම බොරතෙල් වර්ගය පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් අඩු මට්ටමක පවතින බැවින් පිරිපහදුව සඳහා ඉතා පහසුය. 

එමෙන්ම පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදන සඳහාද ඉතා සුදුසු බව විශේෂඥයන් පෙන්වා දෙයි.

 

Search