සහල් ආනයනය සදහා ගැසට් නිවේදනයක්

සහල් ආනයනය සදහා ගැසට් නිවේදනයක්

පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ගයක් වන GR 11 ආනයනය කිරීම සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.



ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව ඕනෑම ආනයනකරු‍වකුට අද සිට අප්‍රේල් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම සහල් ආනයනය කිරීමට අවසර හිමිවන අතර එම සහල් තොග මැයි මස 31 වනදා හෝ ඊට පෙර රේගුවෙන් නිෂ්කාශනය කිරීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

කෙසේ වෙතත් එක් ආනයනකරුවෙකුට මෙලෙස ආනයනය කිරීමට අවසර හිමිවන්නේ උපරිම මෙට්‍රික් ටොන් 1040 ක් පමණයි.

ඒ අනුව මෙම සහල් වර්ගය රැගත් පළමු නෞකාව ලබන සතියේ දී මෙරටට පැමිණීමට නියමිත බවයි සහල් ආනයනකරුවන් සඳහන් කළේ.

Search