කියන්නෙම නැතුව කරන්ට් එක කපනවා ද?

කියන්නෙම නැතුව කරන්ට් එක කපනවා ද?

පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙතෙක් රජය විදුලි කප්පාදුවක් සිදුකර නොමැති බවත් විටින් විට සිදුවන විසන්ධි වීම් විදුලිය බිඳවැටීම් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසීය.

මේ වනවිට දිවයින පුරා ඇතැම් ස්ථානවල දිනකට පැයක් හෝ පැය කිහිපයක් විදුලිය විසන්ධි කිරීම් සිදුවන බවට ජනතාවගෙන් තොරතුරු ලැබී ඇති බවත් විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් ඒ පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයන් සිදුනොකරන ලෙසත් විදුලිය බිඳවැටීම් නිරන්තරයෙන් සිදුවන අතර, එය මෙරට ජනතාවට අලුත් දෙයක් නොවන බවය. 

සුළු වේලාවන්වලට එලෙස විදුලිය විසන්ධි වීම කපා හැරීමක් නොව - බිඳ වැටීමක් ලෙස හැඳින්වීම සුදුසු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 
 

Search