රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන අවසන් කරන බව එම සංගමය පැවසීය.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධායක රැස්වීමේදී තීරණය කරන බවය.
"අපි ප්‍රකාශ කළ විදියටම අද දින උදෑසන 8ට මෙම වැඩවර්ජනය අවසන් කරනවා. ඒ අනුව අද දින උදෑසන 8න් පසු රට පුරා රෝහල් පද්ධතිය පුරාම සාමාන්‍ය විදියට රාජකාරී නිසි පරිදි සිදුවෙනවා. නමුත් එතනින් එහාට අපි ගන්න තීන්දු තීරණ අලුත් අවුරුද්දෙන් පසු රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් මෙම ගැටලුව අධිකරණය දක්වා ගිහින් තිබෙනවා."