එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය අවුරුදු දින කිහිපය තම නිවසෙහි රැඳී සිටිමින් තම පවුලේ අය සමග අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට මුල්තැන දී තිබුණි.
ඒ අනුව අවුරුදු උදාවේ සිට කිරි ඉතිරවීම දක්වාම සිය පවුලේ අය සමග කාලය ගතකිරීමට වජිර වෙලාව වෙන් කොට තිබුණි. වජිර සිය පවුලේ අය සමග කිරි ඉතිරවීමේ ඡායාරූපයක් ද තම මුහුණු පොතට එක්කර තිබුණේ එබැවිනි.
ගාල්ල දිස්ත්‍රික් ජනතාව තුළ වජිර පිළිබඳ ඇති විශ්වාසය
14 වෙනිදා දිනය පුරාම ගෙදර සිටි වජිර 15 වෙනිදා උදෑසනම ගාල්ල බලා පිටත් වුණේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට තිබුණු නිසාවෙනි. ඊටත් වඩා වජිරත් සමග චාරිත්‍රානුකූලව ගණුදෙනු කිරීමට පැමිණෙන පිරිස සමග ගණුදෙනු කිරීම වජිර ගේ අලුත් අවුරුදු චාරිත්‍රයක් වී තිබුණු නිසාවෙනි.
මේ අනුව ගාල්ල කාර්යාලයට වජිර පැමිණෙන විටත් සිය දහස් පිරිසක් වජිර සොයා පැමිණ සිටියේ අවුරුද්දේ මුලින්ම වජිර අතින් ගණුදෙනු කිරීම අවුරුද්ද පුරාම තමන්ට ධනය ලැබීමත් තමන්ගේ වැඩකටයුතු ඉතාමත් හොඳින් සාර්ථක වන බවටත් ගාල්ල දිස්ත්‍රික් ජනතාව තුළ ඇති විශ්වාසය නිසාවෙනි.
ඒ අනුව 15 වන දින උදෑසන සිටම විශාල පිරිසක් වජිර හමුවීමට ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ සිටියහ.
මේ ආකරයට කෙතරම් පිරිසක් වජිර මුණගැසීමට පැමිණියත් වජිර තම සියලු වැඩකටයුතු පසෙකලා ඔවුන් සමග ඉතාමත් සුහදව කතාබහ කොට ඔවුන් සමග ගණුදෙනු කොට ඔවුන්ට තම ආශිර්වාදය පළ කර තිබුණි.
උදෑසන 8 වන විට පටන් ගත් මෙම ගණුදෙනු කිරීමේ සහ සුබ පැතීම් සවස් කාලය දක්වාම දිවගියේ වජිරට සුබ පැතීමට පැමිණි පිරිස ඉතාමත් ඉහළ අගයක් ගත් බැවිනි.
මෙම පිරිස අතරට පාක්ෂිකයින්, එජාප නොවන පිරිස් සහ මාධ්‍යවේදීන් විශාල පරිසක්ද එක්ව සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම පරිදි මාධ්‍යයට ද වජිර අදහස් දක්වා තිබුණු අතර මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රචාරයක් ලැබි තිබුණේ අර්බුධකාරී තත්ත්වයක රට පවතින අවස්ථාවක වජිර මේ කියන්නේ යන්නේ කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැඩි විමසිල්ලකින් යුතුව සොයා බැලු නිසාවෙනි.
ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි යි
අභියෝගාත්මක මොහොතක රට ස්ථාවර කළ රනිල් වික්‍රමසිංහගේ අත්දැකීම් ප්‍රයෝජනයට නොගතහොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවයි. ජනතාව දේශපාලන සුරංගනා කතාවලට හසු නොවිය යුතු බවත්, රට ගොඩනැගීමට මහා පරිවර්තනයක් අවශ්ය බවත් ඔහු අවධාරණය කළේය. රනිල් වික්රමසිංහ බලයට පත්වන විට රුපියල් 500ක්ව තිබූ ඩොලරයේ අගය රුපියල් 290 දක්වා අඩු කළද, එය මේ වන විට රුපියල් 320 දක්වා යළි ඉහළ ගොස් ඇති බවත්, ඩොලරයේ සෑම රුපියලක වැඩිවීමක්ම භාණ්ඩාගාරයේ ණය බර රුපියල් බිලියන 37කින් වැඩි කරන බවත් අබේවර්ධන පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය රටට බරපතළ තර්ජනයක් බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය. තව ද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු බවත්, විනිවිදභාවයෙන් යුතු ප්රසම්පාදන ක්රියාවලියක් රටට අවශ්ය බවත් ඔහු සඳහන් කළේය. රනිල් වික්රමසිංහ හඳුන්වා දුන් ආර්ථික පරිවර්තන පනත සහ දූෂණ විරෝධී පනත රටට යහපතක් බවද, රටට අවශ්‍ය වන්නේ සැලසුම් සහ අත්දැකීම් ඇති නායකත්වයක් බවද වජිර වැඩිදුරටත් කියා සිටියේය.