අඟුරු කුමාරලා සහ බාල කුමාරලා හිරේ විලංගුවේ ලගින්නට බලාගෙන ඉන්න - විමල් වීරවංශ

අඟුරු කුමාරලා සහ බාල කුමාරලා හිරේ විලංගුවේ ලගින්නට බලාගෙන ඉන්න - විමල් වීරවංශ

මෑත ඉතිහාසය තුළ මේ රටේ සිදුවූ දැවැන්තතම හොරකම හා වංචාව වන ගල්අඟුරු මගඩිය සම්බන්ධයෙන් මීළඟ ආණ්ඩුවක් යටතේ අදාළ නියම විමර්ශනය සිද්ධ වන බවත්, එදාට මේ පැමිණිල්ල අධිකරණයට යන බවත් එහිදී සිදුවන්නේ අඟුරු කුමාරලාට හා බාල කුමාරලාට රටට කළ විපත සම්බන්ධයෙන් හිරේ විලංගුවේ ලගින්නට මිසක් වෙන දෙයක් නොවන බවත් අපි සක්සුදක් සේ දන්නා බව විමල් වීරවංශ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ  ඊයේ (19) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

වත්මන් රජය බලයට පත්වූයේ දූෂණය සහ වංචාව පිටුදැකීමට බව පැවසුව ද, අද වන විට මෙරට ඉතිහාසයේ දරුණුතම සහ සෘජු ප්‍රතිවිපාක ගෙන දෙන “ගල්අඟුරු මගඩියක” රජය නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඒම සාකච්ඡාවේ දී අවධාරණය කලේ ය.

Search