බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට !

බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට !

බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


බලශක්ති අමාත්‍ය ධුරයට අලුත් මුහුණක් පත් නොකර අමාත්‍ය මණ්ඩලයේ කෙනකුටම එහි වගකීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් සිකුරාදා (17) ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ද එදින (අප්‍රේල් 17) සිය ධුරයෙන්  ඉල්ලා අස්විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අප්‍රේල් 17 දා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව ය.

ඔවුන් එම ධූරවලින් ඉල්ලා අස්වූයේ, නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හරහා රජයට රුපියල් මිලියන 2237.7ක අලාභයක් සිදුව ඇති බවට විගණන වාර්තා මගින් ද සනාථ කර ඇති පසුබිමක ය.

එම චෝදනා හේතුවෙන්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමති ධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විවේචන එල්ල කළේ ය.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 'ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින්' ඔවුන් ඉල්ලා අස්වූ බව ය

බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම ධුරයෙහි කාර්යයන් ජනාධිපතිවරයා වෙත පැවරෙන අතර ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී නව බලශක්ති අමාත්‍යවරයා පත් කරනු ඇත.


9cdba1f0 3a45 11f1 b0ac b54021fa6ada.jpg
කුමාර ජයකොඩිට මැතිසබේ පිටුපස අසුනක්

බලශක්ති හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම නිල වශයෙන් දැනුම් දුන් වහා අදාල අසුන් පැනවීම කරන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි.

(මුලාශ්‍රය | lankadeepa)

 

theleader.lk 

  

 

Search