අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරුභාවයකින් තොරව කටයුතු කිරීම ෙහ්තුවෙන් වාර්තා වන ආකාරයට මේ මොහොත වන විට අප රටේ අරමුදල්වලින් ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් එනම් ඩොලර් ලක්ෂ 25ක මුදලක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වන ආකාරයට මේ ඩොලර් මිලියන 2.5ක මුදල පරිගණක හැකර්කරුවකු විසින් ව්‍යාජ තොරතුරු සපයා ලබා ගෙන ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (22) කතරගම කන්ද විහාරය සහ යෝදකන්ඩිය රණකෙළිය උද්දකන්දර රජමහා විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රටේ මූල්‍ය ස්ථායිතාව හා කළමනාකරණය සම්බන්ධ ගැටලුවක්
''වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට අප රටේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරන්න හැකියාවක් නොමැති බව මේ අනුව පෙනී යනවා. අප රටේ ඩොලර් සල්ලි හැකර්කරුවන්ට ව්‍යාජ තොරතුරු හා තහවුරු කිරීම් ඉදිරිපත් කර මුදල් අහිමි කරන්න හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත්නම් රටේ මූල්‍ය ආරක්ෂාව පවා අනතුරේ. මේ මූල්‍ය පද්ධතියේ දුර්වලතාව නිසා තවත් බරපතළ ගැටලුවක්, ජාතික ආරක්ෂක ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා. පරිගණක හැකර්කරුවකුට අප රටේ විදේශ ණය වාරිකයක් ව්‍යාජ ලෙස ලබා ගන්න හැකි වූයේ කෙසේද කියා ප්‍රශ්නයක් තිබෙනවා. මුදල් යවන විට ණය කළමනාකරණ කාර්යාලය, විදේශ සම්පත් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ආදී ආයතන නිශ්චිත නිවැරදි ක්‍රියාවලියක් හා යාන්ත්‍රණයක් නිර්මාණය කර නොමැති ද කියා ගැටලුවක් පවතිනවා. මෙය බරපතළ ගැටලුවක්. රටේ මූල්‍ය ස්ථායිතාව හා කළමනාකරණය සම්බන්ධ ගැටලුවක් ද පවතිනවා.
භාණ්ඩාගාරයේ මුදල් පික්පොකට් ගහලා
මේ කරුණ ගැන නිවැරදි විනිවිදභාවයෙන් යුක්ත, පාරදෘෂ්‍ය, වගවෙන, වගකියන, යාන්ත්‍රණයක් හා පරීක්ෂණයක් අවශ්‍ය යි. සත්‍ය සොයා බැලිය යුතු යි. අප රටේ භාණ්ඩාගාරයෙන් මෙ මුදල් පිට්පොකට් ගැහුවේ කෙසේද කියා සොයා බැලිය යුතු යි. මේ මුදල් යැවීමට පෙර නිවැරදි තහවුරුකිරීමක් සිදු නොකළේ ඇයි ද කියා ප්‍රශ්නයක් තිබෙනවා. හොරා ගේ අම්මාගෙන් පේන අහන්නේ නැතිව අපක්ෂපාතීව ස්වාධින පරීක්ෂණයක් හරහා මේ ගැන සෙවිය යුතු යි.''