ණය ගෙවන්න ගිහින් අස්ථානගත වූ ඩොලර් ලක්ෂ 25 ගැන හොයන්න පෙර භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්විය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ණය ගෙවන්න ගිහින් අස්ථානගත වූ ඩොලර් ලක්ෂ 25 ගැන හොයන්න පෙර භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්විය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2022 අප රටේ සිදුව අරගලයට දශලක්ෂ සංඛ්‍යාත තරුණයන් සහයෝගය දුන් බවත් එයට හේතුව තමන් තෝරාගත් දේශපාලන නායකයන් තමන්ගේ සහ රටේ බලාපොරොත්තු ඉටු නොකිරීම බවත් මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ක්‍රියාවලියේදී තරුණයන්ගේ සහභාගිත්වය වර්ධනය කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත නිශ්චිතව 500-600ක් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගත් බවත් එය වැදගත් ක්‍රියාවලියක් වන අතර ඒ හරහා දේශපාලන වපසරිය පුළුල් වීම සිදු වුවත් අද වන විට ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණ නියෝජනය පවා ඉවත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී තරුණ වෘත්තිකයන්ගේ කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකදීය.*

මෙසේ ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණයන් ඉවත් කිරීමත් පාර්ලිමේන්තුවේ ශක්තිය අඩු කිරීම පසුගිය දින රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5ට ගැලපිය යුතු බවත් මෙය බරපතල පාඩුවක් බවත් අගමැති ප්‍රමුඛ රජයට මෙය ලොකු ගැටලුවක් නොවුනත් මේ පාඩුව විසඳා ගන්න වෙන්නේ බදු බර වැඩි කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රජයට නොහැකි නම් ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි*

දිනපතා රටක් ලෙස ණය ගෙවිය යුතු අප රටේ මේවා අඩුපාඩුවෙන් තොරව සිදුවිය යුතු බවත් භාණ්ඩාගාරය ණය ගෙවන පියවර ගණනාවක් ඇති බවත් ජනතාව මේවා ගැන සෙවිය යුතු බවත් මේවා පුරෝකථනය කර වළක්වා ගත හැකිවුවත් අකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල නිසා මෙය සිදුව ඇති බවත් මෙහි වංචනික ක්‍රියාවලියක් සිදුව ඇති බවට අනුමාන කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍යයි*

මෙවැනි දෙයක් වු පසු භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්වි විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් මීට අමතරව මුදල් කාරක සභාවට භාණ්ඩාගාර ලේකම් මහබැංකු අධිපති ගෙන්වා සොයා බැලිය යුතු බවත් මෙහි දී ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළා ද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*දැන්වත් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි*

ණය වාරිකයක් ගෙවා නැති නිසා ණය පැහැර හැරීමක් සිදුව ඇති බවත් මේ ගැනත් රජය පැහැදිලි කළ යුතු බවත් මුදල් ඇමති සහ ලේකම් මේවා රටට පැහැදිලි කළ යුතු බවත්  ඉදිරියටවත් මෙවැනි දේවල් සිදු නොවෙන්න ආරක්ෂිත ක්‍රමවේද දැන්වත් අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*මේ රජය පාර්ලිමේන්තුවේ බලයත් කාරක සභාවල බලයත් නැති කර කාරක සභාවල තරුණ නියෝජනයත් එක පෑන් පාරින් නැති කළා* 

මේවා ගැන රජයට අවබෝධ නොමැති වුවත් ජනතාව මේවා ගැන සොයා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා පසුගියාදා සයිබර් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් අවසානයේ අපේ මුදල් සොරා ගත් බවත් මේ රජය ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණ සහභාගිත්වය එක පෑන් පාරින් පවා නැති කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වංචා සිදුවීම පුදුමයක් නොවන බවත් මොවුන් පාර්ලිමේන්තුවේ බලය දිනෙන් දින අඩු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/kRIcHZSiQWI?si=pS1NaFOJYmwQUTJv

Search