මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් ලබා නොදින්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එක් දින විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබිණි.
එහෙත් එම ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.