මැයි 25 දෙන නඩු තීන්දුවක් ගැන අනුර මැයි දින වේදිකාවේ කළ කතාව පත්තු වෙයි! ‘ෆ්‍රී ලෝයර්ස්’ විමර්ශනයක් ඉල්ලයි!

මැයි 25 දෙන නඩු තීන්දුවක් ගැන අනුර මැයි දින වේදිකාවේ කළ කතාව පත්තු වෙයි! ‘ෆ්‍රී ලෝයර්ස්’ විමර්ශනයක් ඉල්ලයි!


මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් සිදු කරයි.

ජනාධිපතිවරයා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව අගතිගාමී ප්‍රකාශයක් සිදු කළ බව එම සංවිධානය පෙන්වා දෙයි. 

අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ ඉමහත් ආන්දෝලනයක් නිර්මාණයවී ඇත. 

මෙම ප්‍රකාශය හුදෙක් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව සිදු කරන ලද සාමාන්‍ය ප්‍රකාශයක් නොව දින වකවානු ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිව පෙනී යන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි

Search