අලි මිනිස් ගැටුම අවම කරගන්න පුරවැසි සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අලි මිනිස් ගැටුම අවම කරගන්න පුරවැසි සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වන අලියා කියන සත්ත්වයාට දිස්ත්‍රික් මායිමක් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලද බලපාන බවත් මෙහි දී රටක් ලෙස 70%ක් අලි සිටින්නේ සංරක්ෂිත ප්‍රදේශවලින් පිට නං මේ ගැන අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි.*

දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හොද බවත් විද්වත් කණ්ඩායම් ඉදිරිපත් කළ ජාතික ඉඩම් පරිහරණය සැලැස්ම මත පදනම්ව මිනිසුන් සිටින ප්‍රදේශවල වන අලින් සිටීම සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*එල්නීනෝ තත්ත්වයක් ඇති වුවහොත් මේ ගැටලු තවත් වැඩි වේවි*

එසේම එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් වියලි තත්ත්වය වැඩි වුවහොත් අලි මිනිස් ගැටුම වැඩි වෙන බවත් වගා හානි පවා වැඩි වන බවත් ඊට අමතරව අස්වැන්න පවා අඩුවන නිසා මෙය විෂම චක්‍රයක් වන බවත් මේ සඳහාද කඩිනම් විසදුම් සැලසුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*කාසිකොටේ ⁣අලි උමගේ කටයුතු කඩිනම් කරන්න*

තවද කාසි කොටේ ප්‍රදේශයේ රේල් පාර යටින් අලි උමගක් හැදෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව, RDA එක සමග සම්බන්ධීකරණය වී කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අවස්ථාව වෙනුවෙන් දිලුම් අලගියවන්න මහතා, මහාචාර්ය බී. එස්. සම්පත් සෙනෙවිරත්න මහතා, මහාචාර්ය ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය එස්. විජයමෝහන්, අංජලී වොට්සන් මහත්මිය, Dr. Andrew Kittle, දීප්ති දේවිකා වික්‍රමසිංහ මහත්මිය, ආචාර්ය යූ. කේ. ජී. කාලිංග පද්මලාල් මහතා, පී. දුෂ්‍යන්ත රවීන්ද්‍ර සිල්වා, ශානක අරවින්ද කළුබෝවිල යන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද එක්විය.

https://youtu.be/mC0uh15QyDI?si=Yz_4eHK16EEx4xUO

Search