ඖෂධ, ගෑස් මිල, බස්, ත්‍රීවිල් සහ ජල ගාස්තුවත් ළඟදීම ඉහළට

ඖෂධ, ගෑස් මිල, බස්, ත්‍රීවිල් සහ ජල ගාස්තුවත් ළඟදීම ඉහළට

සියලු ඖෂධ වර්ග, ගෑස්, මිල හා බස්, ත්‍රීවිල් සහ ජල ගාස්තුවත් ළඟදීම ඉහල දැමීමට සැලසුම් කර ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත්.ඉන්ධන මිල ඉහළ යෑමත් වැනි කරුණු හේතුවෙන් මෙම වැඩිවීම් සිදුවන බව එම ක්ෂේත්‍රවල වගකිවයුතු නියෝජිතයින් පවසයි.

පසුගිය කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග ඖෂධ මිල ගණන් ඉහළ දැමීමට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය මුලික කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්ය.

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ට අදාළ මිල ගණන් ද ඉහළ දැමීමට නියමිත බව ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

එසේම ගෑස් මිල ද ඉහල දැමීමට මේ වෙන විට සියලුකටයුතු සූදානම් කර තිබේද.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල ගාස්තුව ද සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ඉහළ නැංවුණු විදුලි ගාස්තුවට සාපේක්ෂව මෙම ගාස්තු වැඩිවීම සිදුවන බව ඔහු පවසයි.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් සහ ත්‍රීවිල් ගාස්තු ද ඉහළ දමන බව පෞද්ගලික බස් හා ත්‍රී රෝධරථ සංගම් ප්‍රකාශ කර තිබේ.

Search