විකිලීක්ස් හි සම නිර්මාතෘ ජුලියන් ඇසන්ජේ අද (11) දිනයේදී ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජනපද රහස් තොරතුරු හෙළි කිරීමේ චෝදනාව මත එක්සත් ජනපදයට ගෙන ගොස් නඩු පැවරීමේ අවදානමට ලක්ව සිටින ජුලියන් ඇසන්ජේ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළු වී දේශපාලන රැකවරණය පැතුවේය.
ඉක්වදෝර් රජයෙන් ඔහුට දේශපාලන රැකවරණය හිමි වුවද ඔහුට ඉක්වදෝරයට යෑමට බ්‍රිතාන්‍ය රජය ඉඩ දුන්නේ නැත. තානාපති වරප්‍රසාද යටතේ හිමිවන ආරක්ෂාව එම ගොඩනැගිල්ලේ සිටින තෙක් පමණක් වන බව පවසන බ්‍රිතාන්‍ය රජය ඔහු එම ගොඩනැගිල්ලෙන් පිටවුවහොත් අත්අඩංගුවට ගන්නා බව පවසයි.