ඇමසන් වන විනාශයේ සැබෑ ස්වරූපය තේරුම් ගත් හා ඊට එරෙහි වූ මෑතකාලීන එකම බ්‍රසීල රාජ්‍ය නායකයා වූයේ ලුයිස් ඉනේෂියා ලුලා ඩි සිල්වාය.
2009 වසරේ දී ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට දායකවන වන විනාශය නැවැත්වීම සඳහා කාර්මික ලෝකයෙන් මූල්‍යාධාර ඉල්ලමින් ඔහු ඇමරිකාව ,ප්‍රංශය ප්රමුඛ දැඩි සේ දෝෂාරෝපණය කලේ බහුජාතික සමාගම් ඇමසන් වන විනාශයේ පෙරගමන්කරුවන් බවයි. 2009 වසරේ දී ඇමසන් රැකගැනීම වෙනුවෙන් රටවල් 7කට ආරාධනා කලද රාජ්‍ය නායකයන් සහභාගී වූයේ ගයනාව හා ප්‍රංශ ගයනාව නියෝජනය කරමින් පමණි.
ස්වකීය ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් වේදිකාව නිර්මාණය කිරීමට එවකට බ්‍රසීලය උත්සාහ කලද, කොලොම්බියාව , බොලිවියාව, වෙනිසියුලාව අවසන් මොහොතේ සමුළුව වර්ජනය කලහ. ඇමසන් වනයේ මිලියන 30ක ජනතාවක් ජීවත්වෙන අතර එයින් මිලියන 25ක් බ්‍රසීලයේ ජීවත් වෙති. ලුලා ඩි සිල්වාගේ දැඩි ඇමසන් ආරක්ෂිත ප්‍රතිපත්තිය මත වාර්ෂික වන හායනය වර්ග කිලෝමීටර් 7000ක් දක්වා අඩුවී තිබුණි. එය ඇමසන් කලාපයේ අවම වන හායනයයි. දකුණු කොරියාව , ස්වීඩනය , ඩෙන්මාර්කය , ජපානය ,ස්විස්ටර්ලන්තය වැනි රටවල් වලින් ආධාර ලබාගනිමින් බ්‍රසීලය ඇමසන් වෙනුවෙන් ඉටුකල වගකීම බ්‍රසීල වර්තමාන ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් ඉවත දැමුණි.
පරිසර විරෝධියෙකු ලෙස චෝදනා ලබන වර්තමාන ජනාධිපති බොල්සොනාරෝ ඇමරිකාව ඇතුලු බහුජාතික සමාගම් වල ඉඩම් අවශ්‍යතාව වෙනුවෙන් ඇමසන් බිලි දී ඇතැයි ලොව පුරා පරිසර සංරක්ෂණවේදීන් චෝදනා කරනු ලබයි. සෑම මිනිත්තුවකටම වර්ග මීටර් 5000ක වපසරියක් ගින්න නිසා විනාශ වන අතර, එය මැඩලීම වෙනුවෙන් සතුටුදායක ක්‍රියාමාර්ගයක් නොමැත.
අප්‍රිකාව, දකුණු ඇමරිකාව හා ආසියාවේ සොබාවික සම්පත් සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් ඇත්තේ යුරෝපීය බහුජාතික සමාගම් හා එහි නියෝජිත රටවල් වලට වන අතර, සොබාවික සම්පත් කොල්ලය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලොව පුරා දිළිඳු රටවල ක්‍රියාත්මක වෙයි. අන්තර්ජාතික දේශපාලනය ව්සින් දිළිඳු රටවල් ස්වකීය ග්‍රහණයට ගෙන, එහි සම්පත් සූරාකෑම වෙනුවෙන් ඔවුන් අසීමාන්තිකව එම රටවල්හි දේශපාලන නායකයන් වෙනුවෙන් මුදල් වියදම් කරති. එය ලංකාවේද මේ මොහොතේ ක්‍රියාත්මක වන පොදු සත්‍යයකි .
©Shashikalana