නවතම ටයිම්ස් (Times) සඟරාවේ කවරයේ "අපගේ ගිලෙන ග්‍රහලොව" (Our Sinking Planet) යන තේමාවෙන් දැක්වෙන මෙම චායාරූපය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැසිපික් සාගර දූපතක් වන ටුවාලු (Tuvalu) හිදී ගනු ලැබූවකි. එය ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ලෝකයේ වඩාත්ම අවධානමට ලක්විය හැකි රටවලින් එකක් ලෙස හැදින්වේ.
ගුටරෙස්ගේ පැසිපික් සංචාරයේදී ගන්නා ලද මෙම චායාරූපය එක් කරුණක් ප්‍රධානව විහිදා දැක්වීමට අදහස් කරයි. එනම් ගෝලීය උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යෑම හමුවේ දූපත් රාජ්‍යයන් ගිලෙමින් පවතින බවයි.
පසුගිය මාසය තුළ පමණක් අයිස්ලන්තයේ අයිස් මෙට්‍රික් ටොන් බිලියන 15කට වඩා දියවී මුහුදු ජලයට එකතු වී ඇත. එළෙස දිනෙන් දින ඉහළ යන මුහුදු ජල මට්ටම විසින් සීඝ්‍රයෙන් දූපත් භූමීන් ආක්‍රමණය කරමින් සිටියි.
ඉන්දියාවේ සුන්දර්බාන්ස් තෙත්බිම ආශ්‍රිත දූපත්, මාලදිවයින් දූපත්, සීෂෙල්ස් දූපත්, ඉන්දුනීසියාවට අයත් දූපත් මෙන්ම ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙන දූපත් වැනි ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන බොහෝමයක් සීඝ්‍රයෙන් ඉහළ යන සාගර ජල මට්ටම හේතුවෙන් ඉදිරි දශක කිහිපය තුළ ලොවට අහිමි වී යනු ඇති බවට සදහන් වේ.
මෙම තත්වය අප ගිලෙමින් පවතින ලෝකයක ජීවත් වන බවට සාධක ගෙන හැර දක්වයි.
ගිනිගන්නා පරිසරයක් ද සහ මුහුදෙන් ගිල ගන්නා භූමියක් ද සහිතව මානවයා තම 6 වන දැවැන්ත වඳ වී යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටියි.
මෙම සංක්‍රාන්තික කාලය තුළ එම සංක්‍රාන්තිය ධනාත්මක ලෙස පරිවර්තනය කරගන්නවාද, නැතහොත් ඍණාත්මක තත්වයකට ගොඩනැගීමට ඉඩ හැර සිටිනවාද යන්න තීරණය කළ යුතුව ඇත.
අනාගතයේ මෙම ලෝකය තුළ සාමය, පැවැත්ම සහ අනාගතය රඳා පවතිනු ඇත්තේ එම ගන්නා තීරණය මතය.
Our Sinking Planet.
The newest TIME magazine cover features United Nations chief António Guterres standing in water off the island nation of Tuvalu, which the outlet called “one of the world’s most vulnerable countries” to global warming.
The photo, taken during Guterres’ four-country tour of Pacific nations in May, is meant to illustrate one point — that island nations are sinking in the face of global warming-induced sea-level rise.
Most of the Indian Ocean islands, such as the Sundarbans wetlands of India, the Maldives, the Seychelles, the islands of Indonesia, and Sri Lanka, are said to be lost to the world in the coming decades due to rising sea levels. This evidence show that we are living in a sinking world. With a burning environment and a sinking land, mankind is facing its 6th greatest extinction threat. During this transition period, the decision has to be made on whether the transition is positive, or if it is going to be negative. Peace, survival and the future in this world will depend on that decision.
©️Voice for Climate Change