රටවල් 12 කට ඇමෙරිකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්

රටවල් 12 කට ඇමෙරිකාවට  ඇතුළු වීම සම්පූර්ණයෙන්ම  තහනම්

ජාතික ආරක්ෂක අවදානම් සඳහන් කරමින් රටවල් 12 කට  ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් , ඇමෙරිකානු  ජනපති  ඩොනල්ඩ් ට්‍රම්ප් ලියකියවිලි වලට අත්සන් තබා තිබේ ,

“විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙම තීරණයට එළැඹි බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .  මෙම  ලැයිස්තුව සංශෝධනය කළ හැකි බවත්, “ලොව පුරා තර්ජන මතුවන” විට තවත් අමතර රටවල් ද එකතු කළ හැකි බවත් එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබේ .

ඇතැම් රටවලට ඇමෙරිකාවට ඇතුළුවීම  තහනම් කරමින් , ඔහු නියෝග කළ දෙවන අවස්ථාව මෙයයි.

2017 දී ඔහුගේ පළමු ධුර කාලය තුළ එවැනිම නියෝගයකට අත්සන් තැබීය .

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම  තහනම් කරමින් අත්සන් කරන ලද ප්‍රකාශයට අයත් රටවල් මෙසේය .

ඇෆ්ගනිස්ථානය
මියන්මාරය
චැඩ්
කොංගෝ ජනරජය
සමක ගිනියාව
එරිත්‍රියාව
හයිටි
ඉරානය
ලිබියාව
සෝමාලියාව
සුඩානය
යේමනය

අර්ධ සංචාරක සීමාවන්ට මුහුණ දෙන තවත් රටවල් හතක් තිබේ:

බුරුන්ඩි
කියුබාව
ලාඕසය
සියරා ලියොන්
ටෝගෝ
ටර්ක්මෙනිස්තානය
වෙනිසියුලාව

තහනම එළැඹෙන සඳුදා සිට  ක්‍රියාත්මක වේ,  වසර අටකට පෙර කිසිදු දැනුම්දීමකින් තොරව මීට සමාන පියවරක් ක්‍රියාත්මක වූ විට රට පුරා ගුවන් තොටුපළවල ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය නැවත ඇතිනොවීම වැළැක්වීමට මෙම දින නියම කර තිබේ

Search