ට්‍රම්ප් - මස්ක් මත ගැටුමක

ට්‍රම්ප් - මස්ක් මත ගැටුමක

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉවත්වන ලෙස ඒලොන් මස්ක් කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ආරවුල් නිසා රජයේ අරමුදල් බිලියන ගණනකට පාඩු සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.

ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, එරට අයවැයෙන් ඩොලර් බිලියන ගණනින් මුදල් ඉතිරි කර ගැනීමට ඇති පහසුම ක්‍රමය මස්ක්ට ලබා දෙන රජයේ සහනාධාර සහ කොන්ත්‍රාත්තු අවසන් කිරීම බවයි.

එසේම හිටපු ජනපති ජෝ බයිඩන් එසේ නොකිරීම පිළිබඳව තමන් පුදුම වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මස්ක්ගේ විදුලි වාහන කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමත් සමගයි මෙම ගැටුම් තීව්‍ර වී ඇත්තේ.

මේ අතර තම සහාය නොමැතිවූයේනම් 2024 ජනාධිපතිවරණයෙන් ජනපති ට්‍රම්ප් පරාජය වීමට ඉඩ තිබූ බවයි මස්ක් පවසා ඇත්තේ.

අමෙරිකාවට නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇති බවට ඔහු යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ සම්බන්ධයෙන් විමසා මස්ක් ඔහුගේ මිලියන 220කට අධික සමාජ මාධ්‍ය ජාලා අනුගාමිකයින්ගෙන් මත විමසුමක් කර ඇති අතර, එම මත විමසුම අවසන් වීමට පැය 23ක් තිබියදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 83කට වඩා සඳහන් කර ඇත්තේ ඒ සඳහා කාලය එළඹ ඇති බවයි.

Search