ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි, ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔහුගේ නියෝජ්‍ය නිලධාරි හසන් මොහාකික් සහ බුද්ධි අංශ නිලධාරි මොහ්සෙන් බගෙරි යන අයද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර "ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති වේවි! යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා.
ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින බවයි ඊයේ (15) ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ.
මේ සඳහා ඉරානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් එවැනි ගිවිසුමක් ඇති කර ගනු ඇති බව විශ්වාශ කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට ඇත්තේ.