සෙනසුරාදා මධ්‍යහ්නය දක්වා පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 81 දෙනෙකු මිය ගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් පාලනයේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර ඇත.
එක් සිදුවීමකදී, ගාසා නගරයේ ක්‍රීඩාංගනයක් අසල ප්‍රහාරයකින් පසු ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බව අල්-ෂිෆා රෝහල් කාර්ය මණ්ඩලය සහ සිද්ධිය දුටුවන් ප්‍රවෘත්ති ආයතනවලට පවසා තිබේ. කූඩාරම්වල ජීවත් වන අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගැනීම සඳහා අදාළ ක්‍රීඩාංගනය භාවිතා කර තිබූ බව වාර්තා වේ.
මේ අතර, ගසා ගැටුම් සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී සටන් විරාමයකට යොමු විය හැකි බවට තමන් විශ්වාස කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.
රටවල් 12 ක ඉල්ලීම් මත පසුගියදා ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයකින් පසුව,අමෙරිකාවේ බලපෑම මත මෙලෙස ගාසාව සම්බන්ධයෙන් ද සටන් විරාම ගිවිසුමක් ඇති කර ගත හැකි යැයි තමන් බලාපොරොත්තු වන බව කටාර් මැදිහත්කරුවන් පවසයි.
මාර්තු මාසයේදී, ඊශ්‍රායලය ගාසා තීරයට නව ප්‍රහාර දියත් කළ විට මාස දෙකක සටන් විරාමය බිඳ වැටුණි. ජනවාරි 19 වන දින ආරම්භ වූ සටන් විරාම ගිවිසුම අදියර තුනකින් සමන්විත වන පරිදි සකස් කරන ලද නමුත් එය පළමු අදියර ඉක්මවා ගියේ නැත.
පැය 24ක් තුළ ගාසාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 81ක් ජීවිතක්ෂයට
