අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම කඳවුරක සිටි ගැහැණු ළමයින් 20 කට වැඩි පිරිසක් අතුරුදහන් ව තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේදී අදාළ කඳවුර තුල ළමුන් 700ක් පමණ රැඳී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් අතුරුදන් වුවන් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෑන් පැටි්රක් පවසන්නේ.
ඒ සඳහා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමග පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ද යොදවා තිබෙනවා.
මෙම දින වල ටෙක්සාස් ප්‍රාන්තයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.
ඒ අනුව මිනිත්තු 45ක් තුල ග්වාඩලූපේ ගංගාවේ ජල මට්ටම අඩි 26ක් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එසේම පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ ජනතාවට හදිසි අනතුරු ඇඟවීම් අනුගමනය කරන ලෙසත් ගංවතුරට යට වූ මාර්ග හරහා රිය නොපදවන ලෙසත් එරට රජය මඟින් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයට යෙදී තිබු ඇමරිකානු නිදහස් දින සැමරුම් ගණනාවක් ද අවලංගු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්ත්වයක් – පුද්ගලයින් 13ක් මරුට
