ධූරයෙන් නෙරපා පැය කිහිපයකට පසු රුසියානු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරෝවොයිට් සියදිවි හානි කර ගෙන ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය තවදුරටත් පවසන්නේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (ජූලි 7) දින ඔහුව අමාත්‍ය ධුරයෙන් නෙරපා හැර ඇති බව ය.
අමාත්‍යවරයාගේ පෞද්ගලික මෝටර් රථය තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර මෙය සියදිවි හානි කර ගැනීමක් යැයි උපකල්පනය කරන බව ඇති බව CNN මාධ්‍ය වාර්තා කර ඇත.
2024 මැයි මාසයේදී රෝමන් ස්ටාරෝවොයිට් අමාත්‍යවරයෙකු වීමට පෙර දකුණු රුසියානු කර්ස්ක් කලාපයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබේ
ධූරයෙන් නෙරපා පැය කිහිපයකට පසු රුසියානු ප්‍රවාහන ඇමති සියදිවි නසා ගනියි
