අගෝස්තු මස පළමුවනදා සිට රටවල් 14ක් සඳහා පනවන නවතම තීරුබදු අනුපාත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලිපි මගින දැනුම් දී තිබෙනවා.
එම රටවල් අතරට ජපානය සහ දකුණු කොරියාවද අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඒ අනුව ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාවට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරුබදු ප්‍රතිශතයට සියයට 25ක්.
දකුණු අප්‍රිකාවට සහ බොස්නියාවට සියයට 30ක තීරු බද්දක්ද ඉන්දුනීසියාවට සියයට 32ක තීරු බද්දක්ද පනවා තිබෙනවා.
බංග්ලාදේශය සහ සර්බියාවට අමෙරිකානු ජනාධිපතිවරයා පනවා ඇති නව තීරු බද්ද සියයට 35ක් වන අතර කාම්බෝජය සහ තායිලන්තයට සියයට 36ක තීරු බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ලාඕසය සහ මියන්මාරයට පනවා ඇති අමෙරිකානු නව තීරු බද්ද සියයට 40ක්.
අදාළ තීරුබදු ප්‍රතිශතයන් දන්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදාල රටවලට දන්වා ඇත්තේ “ඔබේ රට සමග අපගේ සම්බන්ධතාවය මත පදනම්ව ඉහළට හෝ පහළට ගාස්තු වෙනස් කළ හැකි බවයි” අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලිපි යොමුකර ඇති රටවලට ප්‍රකාශ කර ඇති නව බදු ප්‍රතිශතයන් ඉකුත් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද බදු ප්‍රතිශතයන්ට ඉතා ආසන්න මට්ටමක පවතිනවා.
චීනය සමග තීරු බදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණ ඇති බවත් ඉන්දියාව සහ බි්‍රතාන්‍ය සමග කඩිනමින් එකඟතාවකට පැමිණීමට අපේක්‍ෂා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට තීරණය කළේ ඉකුත් අප්‍රේල් මාසයේදීයි.
එහෙත් බොහෝ පාර්ශවවලින් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම බදු පැනවීම ජූලි මස 09 වනදා දක්වා මාස තුනකින් කල් දැමීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කළා.
ඒ, එක් එක් රටවල් සමග අදාළ බදු ප්‍රතිශතය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමේ අරමුණින් යුතුවයි.
එලෙස ලබා දී තිබූ බදු විරාමය හෙට දිනයෙන් අවසන් වනවා.
ඒ අනුව නව බදු පැනවීම අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ
ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 14කට නව තීරුබදු පනවයි
