ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කලාපයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පෙරේදා (31) රාත්‍රියේ ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයට කිලෝ මීටර් 27ක් දුරින් පිහිටි ස්ථානයක පොළව මට්ටමෙන් කිලෝ මීටර් 8ක් ගැඹුරේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබුණි.
මෙම භූකම්පනයෙන් නන්ගහාර් සහ කුනාර් යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වූ අතර නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවත් පවතින තත්ත්වය හමුවේ මරණ ගණන තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
මේ අතර විපතට පත්වූවන්ට සහන සැපයීමට ඉදිරිපත්වන ලෙස තලේබාන් රජය දෙස් විදෙස් රජයන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.