බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා වරදකරු බවට තීන්දු කර පැය කිහිපයකට පසු, පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම දඬුවම නියම කර ඇති බව ය.

2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලූලා ද සිල්වාට පරාජය වීමෙන් පසු, හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තවදුරටත් බලයේ රැඳී සිටීමට සිදු කරන ලද කුමන්ත්‍රණයකට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කළහ.

විනිසුරුවරුන් හතර දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර එක් විනිසුරුවරයෙකු ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ඡන්දය දුන්හ

Search