ගැටුම්වලින් නේපාලයේ රජයේ දේපළවලට වුණු හානිය ඩොලර් බිලියන එකහමාරත් පනී

ගැටුම්වලින් නේපාලයේ රජයේ දේපළවලට වුණු හානිය ඩොලර් බිලියන එකහමාරත් පනී

පසුගිය සතියේ නේපාලයේ සිදුවූ ගැටුම් නිසා එරට රජයේ දේපළවලට පමණක් සිදුවූ හානිය ඩොලර් බිලියන එකහමාර ඉක්මවා තිබේ.

බොහෝ රජයේ ගොඩනැඟිලි නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි බවත් ඒවා නැවත ඉදිකිරීමට සිදුවනු ඇති බවත් රජයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

2015 දී නේපාලයට බලපෑ භූමිකම්පාවෙන් සිදුවූ දේපළ හානියට වඩා හානියක් පසුගිය සතියේ සිදුවිය. එසේම පෞද්ගලික ව්‍යාපාර, හෝටල් සහ නිවාසවලට සිදුවූ හානිය ඉතා විශාල වන අතර ඒවා ගණන් බලමින් සිටී

Search