චීනෙට ට්‍රම්ප් ගෙන් සියයට සියයක් බදු

චීනෙට ට්‍රම්ප් ගෙන් සියයට සියයක් බදු

එළැඹෙන නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි , චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100% අතිරේක තීරු බදු පනවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ .


ඇමෙරිකාවට ගෙන්වනු ලබන තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය විසින් දැඩි අපනයන පාලනයන් පැනවීම හමුවේ මෙලෙස තීරු බදු පැනවීමට තමා තීරණය කළ බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ . සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ .

අදාළ ඛනිජ වර්ග අපනයනය සඳහා වන නීති දැඩි කිරීමට චීනය ගත් මෙම තීරණය ගැන මීට පෙරද ඇමෙරිකානු ජනාධිපතිවරයා අදහස් පළ කර තිබිණි චීනය “ඉතා සතුරු පිළිවෙතක් ” අනුගමනය කරමින් , ලෝකය “වහල්භාවයේ” තබා ගැනීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරන්නේය .තවත් සති කිහිපයකදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවද පැවැත්වීමට දැන් හේතුවක් නොමැති බවද සිය ට්‍රෘත් සමාජ ගිණුමේ ජනපති ට්‍රම්ප් සටහන් කර තිබේ.
එහෙත් තමා මෙම හමුව අවලංගු කර නොමැති බවත් ඉදිරියෙදී එය පැවැත්වීමට හැකියාව ඇති බව ත් ඔහු විදෙස් මාධ්‍ය ට අදහස් දක්වා තිබේ . එහෙත් චීනය මේ ගැන නිශ්චිත අදහසක් දක්වා නැත .ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයෙන් පසු මූල්‍ය වෙළඳපොළවල සීඝ්‍රයෙන් පහත වැටී තිබේ . එය අප්‍රේල් මාසයෙන් පසු ඇතිවූ දරුණුතම පහත වැටීමයි

Search