ට්‍රම්ප්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද ඊජි­ප්තු­වේදී ඓති­හා­සික සාම සමු­ළු­වක්--රට­වල් 20ක රාජ්‍ය නාය­කයෝ එක් වෙති

ට්‍රම්ප්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද ඊජි­ප්තු­වේදී ඓති­හා­සික සාම සමු­ළු­වක්--රට­වල් 20ක රාජ්‍ය නාය­කයෝ එක් වෙති

ගාසා යුද්ධය නිමා කිරීමේ අර­මුණ ඇතිව රට­වල් 20කට වැඩි සංඛ්‍යා­වක රාජ්‍ය නාය­ක­යන් අද (13) ඊජිප්තු රතු මුහුදේ පිහිටි ෂාම් අල් ශෙයික් නිවාඩු නිකේ­ත­න­යේදී ගාසා සාම සමු­ළු­වට සහ­භාගි වීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඊජිප්තු ජනා­ධි­පති අබ්දුල් ෆටා අල් සිසිගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද පැව­ත්වෙන මේ සමු­ළු­වේදී ගාසා තීරයේ සටන් විරා­මය තුළින් මැද­පෙ­ර­දිග කලා­පයේ සාමය ස්ථාවර කිරී­මට අවශ්‍ය පිය­වර ගැනී­මට නිය­මි­තව ඇතැයි ද කලා­පයේ ආර­ක්ෂාව වෙනු­වෙන් නව වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට අව­ධා­නය යොමු­වනු ඇතැයි ද ඊජි­ප්තුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ගාසා සාම සමු­ළුව සඳහා ප්‍රංශ ජනා­ධි­පති එමා­නු­වෙල් මැක්‍රොන්, තුර්කි ජනා­ධි­පති රිසෙප් තයිබ්, බ්‍රිතාන්‍ය අග­මැති ශ්‍රිමත් කීර් ස්ටාර්මර්, ස්පාඤ්ඤ අග­මැති පෙඩ්රෝ සැන්චෙස්, ඉතාලි අග­මැති ජෝර්ජියා මෙලොනි, යුරෝපා කවු­න්සි­ලයේ සභා­පති ඇන්ටෝ­නියෝ කොස්තා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝ­නියෝ ගුටා­රෙස් සහ ජෝර්දාන රජු දෙවැනි අබ්දුල්ලා ඇතුළු රාජ්‍ය නාය­කයෝ රැසක් සහ­භාගි වීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. මීට අම­ත­රව ජර්ම­නිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දා­නය, සවුදි අරා­බිය, පාකි­ස්තා­නය සහ ඉන්දු­නී­සි­යාව නියෝ­ජ­නය කර­මින් රාජ්‍ය නාය­ක­යන් හෝ විදේශ අමා­ත්‍ය­ව­රුන් ද එක්වී­මට නිය­මිත අතර, ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට ද සමු­ළුව සඳහා සහ­භාගි වීමට ඇරි­යුම් ලැබී ඇතැයි වාර්තා වේ.

ගාසා සාම සමු­ළු­වට පැමි­ණී­මට පෙර අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඊශ්‍රා­ය­ලයේ කෙටි සංචා­ර­යක නිර­ත­වී­මට නිය­මි­තව ඇති අතර, ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු එම සමු­ළු­වට සහ­භාගි වීම ඊයේ පස්ව­රුව වන­වි­ටත් තහ­වුරු වී නොති­බුණු බව ද වාර්තා වේ. හමාස් සංවි­ධා­නය සමු­ළු­වට එක් නොවන බව මීට පෙර තහ­වුරු කර තිබූ බව ද වාර්තා වේ

Search