ඉරානය සමඟ යුද්ධයට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට ස්වදේශීය පෙරමුණේ අණදෙන නිලධාරියාට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් එරට ආරක්ෂක ආයතන හරහා අවදානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙවන් පසුබිමක ඇමරිකානු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත්තේ එළඹෙන සති අන්තයේ ඇතැම්විට ඉරානයට පහර දීමට තම හමුදාව කටයුතු කරනු ඇති බවයි.
ඒ අනුව අදාළ සැලසුම් පිළිබද මේ වනවිට අඛණ්ඩ සාකච්ඡා සිදුකරන බව ද වාර්තා වනවා.