හමාස් ප්‍රහාර සාධාරණීකරණය කරන්න බැහැ -ඉන්දීය අගමැති ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් කියයි

හමාස් ප්‍රහාර සාධාරණීකරණය කරන්න බැහැ -ඉන්දීය අගමැති ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් කියයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට 2023 ඔක්තෝබර්  7  වන දා එල්ල කළ ප්‍රහාරය හරහා සිවිල් වැසියන් ඝාතනය කිරීම කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. 

ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතූ පළමු ආසියානු නායකයා බවට පත්වෙමින් අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාව මෙම මොහොතේදීත්, ඉන් ඔබ්බටත්, පූර්ණ විශ්වාසයකින් යුතුව ස්ථිරවම ඊශ්‍රායලය සමඟ පෙනී සිටින බවයි.

දෙදින නිල සංචාරයක් සඳහා ඊශ්‍රායලය වෙත ඊයේ පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන් තොටුපළේදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

අනතුරුව දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 

Search